Scratch & Flowcharts
ගැලීම් සටහන් (උදාහරණ සමග)
Updated 27 October 2026 2 min read

ගැලීම් සටහනක් යනු අල්ගොරිතමයක පියවර රූපමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. මෙහෙදී පහත දක්වා ඇති සංකේත භාවිතා කරයි.

Start/ Stop (ආරම්භය හෝ අවසානය): ගැලීම් සටහනක ආරම්භය සහ අවසානය දැක්වීම සඳහා භාවිතා කරයි.

Input / Output (ආදානය හෝ ප්රතිදානය): ආදානය හා ප්රතිදානය පෙන්නුම් කිරීම සඳහා භාවිතා කරයි.

Process (ක්රියාවලිය): ක්රියාවලියක් / සැකසීමක් පෙන්නුම් කිරීම සඳහා භාවිතා කරයි.

Decision (තීරණය): තීරණයක් ගැනීමට සිදුවන අවස්ථා සඳහා භාවිතා කරයි.

Flow of Logic (ගැලීම් දිශාව): දත්ත ගැලීමේ දිශාව පෙන්නුම් කරයි.
ඉහත සංකේත භාවිතා කරමින් සරල ගැලීම් සටහන් නිර්මාණය කරමු.
දෙන ලද සංඛ්යා දෙකක එකතුව ලබා ගැනීමට අදාල ගැලීම් සටහන නිර්මාණය කරමු.
මෙහිදී අප විසින් සංඛ්යා දෙක ආදානය කරනු ලබන අතර එම සංඛ්යා දෙකෙහි එකතුව ප්රතිදානය ලෙස නිරූපනය කරයි. ඒ සඳහා අප විසින් ඉහතදී සඳහන් කරන ලද ගැලීම් සටහන් සඳහා වූ සංකේත භාවිතා කරනු ලබයි.
මෙම ගැලීම් සටහනෙහි සංඛ්යා දෙක කැමති අයුරකින් සදහන් කල හැකි අතර පහත දැක්වෙන සටහනේදී x සහ y ලෙස භාවිත කර ඇත. ඒ වෙනුවට ඔබට පළමු සහ දෙවැනි සංඛ්යාව ලෙසද භාවිතා කළ හැකිය.

සංඛ්යා දෙකක් ඇතුළත් කළ විට එහි ගුණිතය ලබා ගැනීමට අදාළ ගැලීම් සටහන නිර්මාණය කරමු.
ඉහත උදාහරණයේ පරිදිම මෙහිදීද සංඛ්යා දෙකක් ඇතුළත් කරනු ලබන අතර ඒ සඳහා අප විසින් A සහ B යන ඉංග්රීසි අකුරු දෙක භාවිතා කර ඇත. එහි එකතුව Mul ලෙස ගෙන එය ප්රතිදානය ලෙස නිරූපනය කර ඇත.

සෘජුකොනශ්රයක වර්ගඵලය සෙවීමට අදාල ගැලීම් සටහන නිර්මාණය කරමු.

සරලව ගත් විට දිග සහ පළලෙහි ගුණිතය ලෙස හැඳින්විය හැකිය. වර්ගඵලය ගණනය සඳහා අප විසින් එම අගයන් දෙක ආදානය කර යුතු අතර එහි ගුණිතය ප්රතිදානය ලෙස නිරූපණය කරනු ලබයි.

සංඛ්යා තුනක සාමන්ය අගය (average) සෙවීමට අදාල ගැලීම් සටහන නිර්මාණය කරමු.
සාමාන්ය අගය සෙවීමේදී අප විසින් දෙන ලද සංඛ්යා එකතු කර එම ලැබන අගය එකතු කරන ලද සංඛ්යා ප්රමාණයෙන් බෙදනු ලබයි. මෙම උදාහරණයේදී අප විසින් සංඛ්යා තුනක සාමාන්ය සොයන බැවින් එම සංඛ්යා තුන එකතු කර ලබන අගය තුනෙන් බෙදනු ලබයි.

ත්රිකෝණයක වර්ගඵලය සෙවීමට අදාල ගැලීම් සටහන නිර්මාණය කරමු.
ඔබ ගණිතය විෂයේදී වර්ගඵලය සේවීම්දී භාවිත කරන ක්රමවේද මෙම ගැලීම් සටහනේදී පියවර වශයෙන් සරලව නිරූපණය කරනු ලබයි. වර්ගඵලය සොයන ආකාරය සරලව ඉගෙන ගන්න මේ වීඩියෝව නරඹන්න.

වට්ටම් ගණනය කිරීමට අදාල ගැලීම් සටහන නිර්මාණය කරමු.
බිල්පතක වටිනාකම ඇතුලත් කර විට 20% ක වට්ටමක් ලබාදෙන භාණ්ඩයක වට්ටම ගණනය කිරීමට පහත දැක්වෙන ගැලීම් සටහන භාවිතා කල හැකි වේ.

ඔබට අදාල ප්රශ්න පත්ර භාගත කරගන්න ICT ප්රශ්න පත්ර පිවිසෙන්න.
Practise with real papers
More Scratch & Flowcharts lessons
Scratch Practicals + Free Downloadable QuizBuild beginner Scratch programs to print names, add and multiply numbers, calculate a rectangle perimeter and find an average.
Scratch Operators Code BlocksLearn Scratch arithmetic, comparison, logical, text and rounding operators, with clear block examples and short programming activities.
Have ICT notes or papers from your school? Share them and help other students.
Submit a Paper